Saturday, May 22, 2010

සිගිරි කුමන්ත්‍රණය

අපේ උරුමයන් රැක ගැනීමේ වැදගත්කම මෙන්ම අපේ උරුම වනසන කුමන්ත්‍රණ පිළබදව වර්තමානයේ නිතර අසන්නට ලැබේ, 2004 මහා මැතිවරණ චන්ද සටනේදී බලයේ සිටි ආණ්ඩුවට එරහිව සීගිරිය හා සිංහරාජය විකුණා දැමීමක් පිලිබදව පිළිබඳව චෝදනා එල්ල වුවා ඔබටත් මතක ඇතයි සිතමි, සාක්ෂි නොමැතිව වුවද බහුතර බුද්ධිමත් ජනතාව විසින් පිලිගන්නා ලද එම චෝදනා සනාථ කරන සාක්ෂි අද සීගිරියේ දැක ගත හැකිය, කාශ්‍යප රජතුමාගේ බලකොටුවේ ආරක්ෂක භටයන් වූ බඹරුන් එලවා දැමීමේ මෙහෙයුම නිම කල කුමන්ත්‍රණ කාරයෝ දැන් සැරසෙන්නේ අමුතු වැඩකටය. සිංහ පාදයෙන් සිගිරි පර්වතය සිදුරු කර විදේශිකයන් සදහා වෙන්වූ හෝටලයක් හා වැසිකිලි පද්දතියක් ඉදි කිරීමට දැන් මේ කුමන්ත්‍රණ කාරයෝ සැරසෙති. සංචාරක කර්මාන්තයේ නාමයන් අපේ අතීත උරුම වැනසීමට උත්සහ කරන විදේශික ඩොලර් කාක්කන්ට එරහිව එක්වීම දේශප්‍රේමි ඔබ සැමගේ යුතුකමයි,



අවදාරණය කලයුතු කරුණු කීපයකි, සීගිරියේ යටිතල පහසු කම් දියුණු කල යුතු බවට විවාදයක් නැත, නමුත් ඒ සඳහා සිගිරි ගල පාමුල සිදුවන ඉදි කිරීම් ප්‍රමාණවත්ය,

සීගිරිය නගින්නට මහා වෙලාවක් ගත නොවන නිසා පර්වත පාමුල ඉදි වන වැසිකිලි පද්දතියක් සංචාරක අවශ්‍යතා සපුරාලනු ඇත,

සිගිරි පර්වතය මත පනිය ජලය ලබා දීමේ ක්‍රමයක් යෙදිය යුතුය.

සිගිරි රෝහල දියුණු කල යුතුය, බඹරු හිටියත් නැතත් සංචාරකයන්ට අනතුරු සිදිවීමේ ඉහල සම්භාවිතාවක් සීගිරියේ ඇත,



Tuesday, May 18, 2010

පලවෙනි පොස්ට් එක පුංචි නංගි කෙනෙක්ගේ කතාවක්

කතාවක් කියන්න කියල හැදුවේ පලවෙනි පොස්ට් එකට, මේක ස්කොලේ යන පුංචි නංගි කෙනෙක්ගේ කතාවක්, මේ වැඩේ වෙද්දී මේ නගා ඉඳල තියෙන්නේ 4 වසරේ, අපි එයාට සඳුනි කියල කියමුකෝ, මෙයා ගියේ කොළඹ නගරේ ඇතුලේ නිල් පාට ටයි එකක් දාන ඉස්කෝලෙකට, උදෙන්ම එන School Van එකක තමයි එන්නේ, ඉතින් දවසක් උදේ Van එකේදී ළඟ ඉදපු යාලුවෙක් කිව්වලු "සඳු ඔයාගේ ටයි එකේ දිමියෙක් ඉන්නවා" කියල, එහෙම කියපු යාළුවා දිමියව පිහිදල බිමට දැම්මලු, එත් එක්කම අපේ සඳු නංග හය්යෙන්ම කෑගල අඬන්න පටන් අරන්, කාටවත් හිතා ගන්න බැරිලු මොකද උනේ කියල, ටිකකින් එයා කියනවලු ඒ අපේ ජම්බු ගහේ ඉඳපු දිමියෙක්( නගා van එක එනකම් ඔය ගහ ළඟ තමයි ඉන්නේ ), එයා දැන් කොහොමද ගෙදර යන්න පාර හොයා ගන්නේ කියල, ඊට පස්සේ van එකේ කට්ටිය එකතු වෙලා දිමියෙක්ව හොයල දීල තියෙනවා( වෙන දිමියෙක්ද මන්දා) දිමිය ලැබුනම අඩන එක නැවතුනලු, එත් අර වැඩි හොඳ කරන්න ගියපු යාළුවා එක්ක නම් සැහෙන කාලයක් යනකම් කතා කරලා නෑ කියල ආරංචි වුනා.



තව එකක්, මේ නංගි අදටත් සත්තුන්ට මාර ආදරෙයි, ගේ ලඟින් යන ඕනේ සතෙක් යාලු කර ගන්නවා, මේකට පොඩ්ඩක් හිනාවෙලා, පොඩි ළමයෙක් කොච්චර දේවල් හිතනවද කියලත් හිතන්න

ලංකේශ්වර

ඔන්න ඉතින් අපිත් සිංහලින් ලියන්න හදන්නේ, google මාමාත් උදව්වට ඉන්නවා නේ, පටන් ගනිමු එහෙනම්