කතාවක් කියන්න කියල හැදුවේ පලවෙනි පොස්ට් එකට, මේක ස්කොලේ යන පුංචි නංගි කෙනෙක්ගේ කතාවක්, මේ වැඩේ වෙද්දී මේ නගා ඉඳල තියෙන්නේ 4 වසරේ, අපි එයාට සඳුනි කියල කියමුකෝ, මෙයා ගියේ කොළඹ නගරේ ඇතුලේ නිල් පාට ටයි එකක් දාන ඉස්කෝලෙකට, උදෙන්ම එන School Van එකක තමයි එන්නේ, ඉතින් දවසක් උදේ Van එකේදී ළඟ ඉදපු යාලුවෙක් කිව්වලු "සඳු ඔයාගේ ටයි එකේ දිමියෙක් ඉන්නවා" කියල, එහෙම කියපු යාළුවා දිමියව පිහිදල බිමට දැම්මලු, එත් එක්කම අපේ සඳු නංග හය්යෙන්ම කෑගල අඬන්න පටන් අරන්, කාටවත් හිතා ගන්න බැරිලු මොකද උනේ කියල, ටිකකින් එයා කියනවලු ඒ අපේ ජම්බු ගහේ ඉඳපු දිමියෙක්( නගා van එක එනකම් ඔය ගහ ළඟ තමයි ඉන්නේ ), එයා දැන් කොහොමද ගෙදර යන්න පාර හොයා ගන්නේ කියල, ඊට පස්සේ van එකේ කට්ටිය එකතු වෙලා දිමියෙක්ව හොයල දීල තියෙනවා( වෙන දිමියෙක්ද මන්දා) දිමිය ලැබුනම අඩන එක නැවතුනලු, එත් අර වැඩි හොඳ කරන්න ගියපු යාළුවා එක්ක නම් සැහෙන කාලයක් යනකම් කතා කරලා නෑ කියල ආරංචි වුනා.
තව එකක්, මේ නංගි අදටත් සත්තුන්ට මාර ආදරෙයි, ගේ ලඟින් යන ඕනේ සතෙක් යාලු කර ගන්නවා, මේකට පොඩ්ඩක් හිනාවෙලා, පොඩි ළමයෙක් කොච්චර දේවල් හිතනවද කියලත් හිතන්න
Showing posts with label සත්තු. Show all posts
Showing posts with label සත්තු. Show all posts
Tuesday, May 18, 2010
Subscribe to:
Posts (Atom)